1965 වසරේ දී පැවති මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් රාජ්‍ය බලයට පත් ඩඞ්ලි සේනානායක මහතාගේ රජයේ ප‍්‍රතිපත්ති වලට අනුකූලව ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් 1966 වසරේ දී මහා පරාක‍්‍රමබාහු රජතුමාගේ පිළිරුව සහිතව පස්වන මුදල් නෝට්ටු කාණ්ඩය නිකුත් කර ඇත. මෙම මුදල් නෝට්ටු කාණ්ඩය තුළ රුපියල් 2, 5, 10, 50 හා 100 යන වටිනාකමින් යුත් නෝට්ටු පහක් දක්නට ලැබේ. 1963 වසර වන විට රුපියලේ මුදල් නෝට්ටුව වෙනුවට රුපියලේ කාසියක් ලෝහ වලන් නිකුත් කොට තිබූ බැවින් මෙම නෝට්ටු කාණ්ඩය තුළ රුපියලේ මුදල් නෝට්ටුව නිකුත් නොකිරීමට කටයුතු කර ඇත.






මහා පරාක‍්‍රමබාහු රජතුමාගේ යුගය යනු  රට ස්වයංපෝෂිත වූ යුගයකි. ඒ සඳහා වැඩි දායකත්වයක් ලබා දෙනු ලැබුවේ කෘෂි කර්මානතයෙනි. 1965 මැතිවරණයෙන් රාජ්‍ය බලයට පත් ඩඞ්ලි සේනානායක මහතාගේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය වූයේ වර්තමාන කාලය ද කෘෂිකර්මාන්තයට වැඩි නැඹුරුවක් ඇති කොට රට මහා පරාක‍්‍රමබාහු යුගය මෙන් සංවර්ධනය කරා රැගෙන යාමේ පරමාර්ථයයි. මේ අනුව මහා පරාක‍්‍රමබාහු රජුගේ ප‍්‍රතිමාවේ රුව මෙම නෝට්ටු කාණ්ඩයට ඇතුළත් කරමින් රට සෞභාග්‍යය කරා ගමන් කරවීම, රාජ්‍ය පරමාර්ථය යන්න ජනතාවට සන්නිවේදනය කිරීමට යොදා ගෙන ඇත.



Comments (1)

On December 31, 2014 at 9:17 PM , සොබාවරුණ said...

excellent