කොහොමද කට්ටිය...??? කලින් post එකෙන් මම ඔයාලට ලංකාවේ පළමු නෝට්ටුව නිකුත් කිරීම ගැන කතා කරා. අද මම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ පළමු නෝට්ටු කාණ්ඩය ගැන විස්තර කරන්නම්. මේ නෝට්ටු කාණ්ඩය නම් කරල තියෙන්නෙ හයවන ජෝර්ජ් රජුගේ රුව සහිත නෝට්ටු කාණ්ඩය ලෙස.
       
        ශ‍්‍රී ලංකාවට 1948 වසරේදී දේශපාලන නිදහස ලැබූ පසු ක‍්‍රි.ව. 1950 අගෝස්තු 28 වන දින ශ‍්‍රී ලංකා මහ බැංකුව ස්ථාපනය කරන ලදී. මේ අනුව 1949 අංක 58 දරණ මුදල් නීති පනතේ 49 වැනි වගන්තිය මඟින් ශ‍්‍රී ලංකාව තුළ මුදල් නිකුත් කිරීමේ බලය ශ‍්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරුණි. මේ අනුව ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ ප‍්‍රථම මුදල් නෝට්ටු කාණ්ඩය වූයේ එංගලන්තයේ හයවන  ජෝර්ජ් රජුගේ උඩුකය රූ සටහන තේමා කොට ගත් රුපියල් 1 සහ රුපියල් 10 යන මුදල් නෝට්ටු කාණ්ඩයයි. 1951.01.20 වන දින මෙම නෝට්ටු කාණ්ඩය සංසරණය සඳහා නිකුත් කර ඇත.



        1948 දී ලංකාව බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස ලබා ගත්ත ද ජනරජයක් බවට පත් වී නොතිබුණි. මෙනිසා ලංකාවේ රජු වශයෙන් සලකනු ලැබුවේ මහා බි‍්‍රතාන්‍ය කිරීටය හිමි තැනැත්තාය. එබැවින් අපගේ ද රජු වශයෙන් සැලකූ 6 වන ජෝර්ජ් රජුගේ රුව සහිත ප‍්‍රථම මුදල් නෝට්ටුව සංසරණය සඳහා නිකුත් කර තිබේ. බි‍්‍රතාන්‍ය කිරීටයට යටත්භාවය දැක්වීම සඳහා බි‍්‍රතාන්‍ය රජුගේ රූපය හා කිරීටය (ඔටුන්න) මුදල් නෝට්ටු වලට ඇතුළත් කර ඇත. ප‍්‍රථම මුදල් නෝට්ටු කාණ්ඩය මුද්‍රණයේ පවතින විට 1952.02.06 වන දින හය වන ජෝර්ජ් රජු මිය ගිය හෙයින් රුපියල් 2, 5, 50 සහ  100 යන නෝට්ටු නිකුත් නොකිරීමට තීරණය කර ඇත.

Comments (1)

On November 30, 2014 at 7:00 AM , AR said...

Thank You Friend,
This Is Very Useful To Me...........