ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් 1952 දෙසැම්බර් 2 වන දින දෙවන එළිසබෙත් රැජිණගේ උඩුකය ඡායාරූපය යොදා ගනිමින් දෙවන මුදල් නෝට්ටු කාණ්ඩය ලෙස මෙම මුදල් නෝට්ටු කාණ්ඩය හඳුන්වාදෙන ලදී. මෙහිදී රුපියල් 1, 2, 5, 10, 50 සහ 100 වටිනාකමින් යුත් මුදල් නෝට්ටු හයක් නිකුත් කර ඇත.






1948 වසරේදී ලංකාව බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස ලබා ගත්තද ජනරජයක් බවට පත් වී නොතිබුණි. මේ නිසා ලංකාවේ රජු වශයෙන් සලකනු ලැබුවේ එවකට මහා බි‍්‍රතාන්‍ය කිරීටය හිමි 6 වන ජෝරජ් රජුය. 1952 පෙබරවාරි 06 වන දින ජෝරජ් රජු මිය යාමෙන් පසු බි‍්‍රතාන්‍ය රැජිණ බවට පත් වූයේ ඔහුගේ දියණිය වූ  දෙවන එළිසබෙත් මහ රැජිණයි. බි‍්‍රතාන්‍ය කිරීටයට යටත්භාවය දැක්වීම සඳහා අලූතින් රාජ්‍යත්වයට පත් දෙවන එළිසබෙත් රැජිණගේ උඩුකය රූපය 6 වන ජෝරජ් රජුගේ රූපය ඉවත් කර ඒ වෙනුවට අලූතින් රාජ්‍යත්වයට පත් දෙවන් එළිසබෙත් රැජිණගේ උඩුකය රූපය මෙම නෝට්ටු කාණ්ඩයට ඇතුලත් කර ඇත.

Comments (1)

On April 11, 2022 at 2:32 PM , Unknown said...

Casino Bonus Codes - December 2021
No deposit bonus casino promotions. We recommend febcasino.com 2021 casino bonus codes and promos for 1xbet login new players. https://septcasino.com/review/merit-casino/ We also list new casino bonuses poormansguidetocasinogambling for 출장샵 December 2021.